සිව්හෙළු සම්මේලනය ගැන

කරුණාපාල විසින් චීනඩි ශාස්ත්‍රයේ මූලික අඩු සෙල්ලම වන
මුල්ල පැනිල්ල සිදු කරන ආකාරය.
හතු පිපෙන්නාක් මෙන් අංගම් ශිල්ප උගන්වන ආයතන ලියාපදිංචි කිරීම මුලින්ම ආරම්භ වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදීය. එයට මූලික වූයේ සිරි කොතලාවල නම් පුද්ගලයෙක් විසින් කරුණාපාල ඇතුළු සුප්‍රසිද්ධ චීනඩි ශිල්පීන් කිහිප දෙනෙකු එකතු කොටගෙන ලංකාවේ සැබෑ අංගම් ශාස්ත්‍රය වියැකී ගියා යයි සිතා හෝ එසේ තිබුණත් සැබෑ එක ලෙස මෙය විකිණිය හැකි යයි සිතා හෝ ක්‍රීඩා සම්මේලනයක් බිහිකර ගත්තේ ය. මෙයට පැමිණි චීනඩි එක්තරා චීනඩි ශිල්පියෙක් කතාව පටන් ගත්තේ මෙසේ ය. “අපි නම් මේවට කීවේ චීනඩි කියලා...“ එවිට සභාවේ සිට අයෙකුගේ අභිනයෙන් තමාට වැරදුණ බව දැන ගත් ඔහු නැවතත් කීවේ “..නැ නැ අංගම්පොර කියලා.“ කියා ය. මේවා බලාගෙන සිටි අය කවුරුන්දැයි මොවුන්ට අද අමතක වුවද මේවා කලේ කවුදැයි රටට නම් අමතක නැත. මෙසේ නිර්මාණය කර ගත් අංගම්පොර නමින් ක්‍රියාත්මක වූ මෙම සම්මේලනයේ ප්‍රධාර ඇඳුරා වූයේ ඔවුන්ම පවසන පරිදි “ගුරු කරුණාපාල“ ය. 

ගුරු කරුණාපාල යනු කවුරුන්දැයි රටටම හෙළි වන්නට පටන් ගත් විට සිරි කොතලාවල ඇතුළු කරුණාපාල වටා පවුරක් මෙන් සිටි නිලධාරීන් ක්‍රමක් ක්‍රමයෙන් ඉවත් වූ අතර ඔලිවර් හර්මන් නම් ජර්මන් ජාතික සුද්දෙකුට අංගම්පොර නමින් චීනඩි උගන්වා තව ටික කලකට තම ව්‍යාපාර සරි කර ගන්නට කරුණාපාලට හැකි වුවද සංස්කෘතික අමාත්‍යාංශයට ගිය මෙම සිරි කොතලාවල ඇතුළු පිරිස දෙවැනි අංගම්පොර සම්මේලනයේදී කරුණාපාල චීනඩිකරුවෙකු බව කියමින් ඔහුව කපා හැරියේ බණ්ඩාර නම් බඩහැලි චීනඩි හා ටයිකොන්ඩෝ සමඟ වූෂූ උගත් අයෙකු මුල් කොට ගෙන අනෙක් චෞරයින් වන සුමේධරාජා වික්‍රමාරච්චි, ප්‍රේමසිරි වැනි විවිධ සටන් කලා හැදෑරූ නමුත් අංගම්පොර නොදන්නා අංගම්පොර ශිල්පීන් සමූහයක් මුල් කොට තබා ගනිමිනි. මෙය ටිකක් නැගල ගියේ ය. (ඔවුන් සිතාගෙන සිටී) පත්තර දෙක තුනකම ලිපි පළවූ අතර රජය විසින් වසර 400කට පසුව අංගම්පොර කල එලි මංගල්‍යයක් ජන කලා කේන්ද්‍රයේදී පැවැත්වූයේ ය. එය කෙතරම් අපූරුදු යත් අංගම්පොර ප්‍රවර්ධනයට ලක්ෂ 10ක් යොදවා ඇති බවද ප්‍රකාශ විණි. මහව ප්‍රදේශයෙන් අක්කර ගණනක ඉඩමක් අංගම්පොර වෙනුවෙන් වෙන්කරන ලද අතර මේ මොහොත වන විටත් එහි අංගම්මඩු පිහිටුවා අංගම්පොර විකිණීමට පිඹුරුපත් සකස් කරමින් සිටියි. තලෙයි බාන් ඒකනායක ඒ ගැන උජාරුවන් කීවේ මෙසේ ය. “අංගම්පොර සටන් කලාව මතු කිරීමට මීට පෙර කිසිවකු උත්සාහ කරේ නෑ. අංගම්පොර සටන් කලාවට ඉතා දීර්ඝ ඉතිහාසයක්‌ තිබෙනවා. එය යම් පුද්ගලයකු ශක්‌තිමත් භාවයට පත්කරනු ලබන ඉතා වැදගත් සටන් කලාවක්‌ වෙනවා. දක්‌ෂ සටන්කරුවකු ලෙස ප්‍රසිද්ධ සීතාවක රාජසිංහ රජතුමාද දක්‌ෂ අංගම්පොර සටන් ශිල්පියකු වෙනවා. අංගම්පොර සටන් කලාව දියුණු කිරීම අරමුණු කරගෙන මධ්‍යම සංස්‌කෘතික අරමුදලෙන් රුපියල් ලක්‌ෂ 10 ක මුදලක්‌ මේ වන විට ලබාදී තිබෙන අතර සංස්‌කෘතික අමාත්‍යාංශය මගින් යාපහුව ආසනයේ මී ඔය ආශ්‍රිතව අංගම්පොර මධ්‍යස්‌ථානයක්‌ පිහිsටුවීම සඳහා අක්‌කර 10 ක භූමි ප්‍රදේශයක්‌ද වෙන්කර තිබෙනවා.“ මේ කරුණු ඇතුළත් වන දිවයින  අන්තර්ජාල ලිපියේ හරි ලස්සන කතා කිහිපයක්ම ඇත. එසේ කියූ ඔහු පැවැත්වූ පළමු සංදර්ශන කුටිය තුළ පළමුවන රාජසිංහ රජු හා සීතාවක රාජසිංහ රජු යනු දෙදෙනෙක් ලෙස දක්වා තිබුණි. එතකොට නම් අපිට හිතුණේ ඉහත ප්‍රකාශය කටපාඩමින් කීවක් මිස දන්නා කමට කී දෙයක් නොවන බවයි. 

අපට මේ ගැන අසන්නට ලැබුණු විට මතු වූයේ ගණන් කිරීමේ ගැටලුවකි. ඉහත ලිපියේ ටී.බී. විසින් කරනු ලබන ප්‍රකාශයකි. “අංගම්පොර සටන් කලාව පිළිබඳ කලඑළි මංගල්‍යයක්‌ පැවැත්වෙන්නේ අවුරුදු 400 කට පසුවයි.“ සීතාවක රාජසිංහ රජු හා පළමුවන රාජසිංහ රජු යනු එක් අයෙකු බව අද කියන ටී.බී. එදා කියූ එකත් වැඩි වෙනසක් නැත. එනම් වසර 400කට පසුව කලඑලි මංගල්‍යයක් පැවැත්වෙන බවයි. අංගම්පොර ශිල්පයේ කලඑලි මංගල්‍ය නම් නැත. එසේ තිබෙනවා නම් එය සටන් ශිල්පීන් මූලික පුහුණුවීම් හමාර වූ පසුව කරන ලබන එක්තරා ශාස්ත්‍රීය උත්සවයක් පමණි. ඔවුන් මේ කියන්නේ එම උත්සවය වැන්නක් නම් අන්තිම වතාවට එවැනි දේ සිදුවිය හැක්කේ 1818 අංගම්පොර තහනමට මොහොතකට පෙරය. 1818දී දහස් ගණනක් අංගම් ශිල්පීන් නිදහස් අරගලය වෙනුවෙන් දිවි පිදූ ඉතිහාසයක් තුළ නැවත අංගම්පොර පටන් ගන්නේ වසර 400කට පසුව යයි කීම විහිලුවකි. 2011න් 1818ක් අඩු කළ විට 400ක් ලැබෙන්නේ කෙසේදැයි නොදනිමු. 

මේ අතර ඉහත ලිපිය අවසන් වන්නේ ද හරි අපූරු ක්‍රමයකට ය. “සිව්හෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයේ සභාපති සිරි කොතලාවල, ශ්‍රී ලංකා ජෙට්‌ කුණ්‌ඩු මාෂල් ආට්‌ස්‌" ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන උපදේශක සිංහ ඉන්ද්‍රලාල් පෙරේරා යන මහත්වරුද මෙහිදී අදහස්‌ දැක්‌වීය.“ මේක දැක්කම අංගම්පොර සම්මේලනයක්ද නොමැතිනම් මෙය එම්.එම්.ඒ. (Mix Martial Art) සම්මේලනයක් දැයි අපට නම් නොතේරේ. ඇයි මම අංගම්පොරත් දන්නවා. ජෙට් කුණ්ඩූත් දන්නවා. ඉන්ද්‍රලාල් නැමත්තාට කිව හැකි ය. පාරම්පරික අංගම්පොර ශිල්පියෙක් යයි කියා ගන්නා ඔබට ලොව ප්‍රභලතම සටන් කලාව පාරම්පරිකව ලැබී තිබියදී බෘස්ලී වැනි කාඩ්බෝඩ් වීරයෙක් සෑදූ සටන් කලාවක් කුමටද? නන්දිමිත්‍රලා, ගෝඨයිම්බරලා, ගලගොඩ දිසාවලා, ලෙව්කේ දිසාවලා නිර්මාණය වූ අංගම් ශාස්ත්‍රය ඉදිරියේ චීන හෝ ජපන් සටන් ක්‍රම යනු කුමක්ද?

කෙසේ වෙතත් මෙසේ පාරම්පරික යයි කියා ගත් ශිල්පීන් ටකරන් පතුරු ටිකක් තලා කම්මලකින් සලසා ගත් කඩු ටිකකි හා පත්තර කෑලි ටිකක් තබාගෙන ප්‍රදර්ශන කුටියක් කලා අපි දුටුවෙමු. ඒ පාරම්පරික ආයුධ ගේන්නට ලොරියක් සොයා ගැනීමට නොහැකි වූ නිසා විය යුතු ය.

No comments:

Post a Comment